Saturday, March 28, 2020

Population

Population

See also: Demographics

Regions

China vs. E.U. vs. U.S. vs. Japan (Population and GDP comparison)

Asia

Africa

Europe

Latin America and the Caribbean

Northern America

Oceania

Regions or Continents?

We follow the U.N. Statistics Division of grouping countries into regions and subregions rather than into continents.
But if you are interested, you can learn more about continents and the 7 continents model.

Population of Countries

Sunday, August 24, 2014

දේශීය අල වර්ග

දේශීය අල වර්ග

ස්‌වාභාවික පරිසරයට මනා ළබැඳියාවක්‌ දැක්‌වූ ශ්‍රී ලංකාවේ ආදි ගම් වැසියන් ගේ දෛනික ආහාරය සපයාගනු ලැබුවේ අවට පරිසරයෙනි. අවට පරිසරයෙන් සරි කරගත් දෛනික ආහාරයට දේශීය පළා වර්ග මෙන්ම අල වර්ග ද අයත් ය. සිංහල මාස ක්‍රමයට අනුව ඉල් මස අවසන් වනවාත් සමඟ උඳුවප්, දුරුතු සහ නවම් යන මාස මුළුල්ලේ ඇසෙන අවිච්චියන් ගේ නද, දේශීය ගොවියාට සුබ ලකුණක්‌ විය. අවිච්චියා නඟන මිහිරි නදත් සමග ගොවීහු තමන් ගේ හේනේ හෝ කොරටුවේ ඇති තමන් සිටුවූ අල වර්ග උගුල්ලන්නට පටන් ගනිති. ඉල් මසෙන් අරඹා උඳුවප් මස අවසන් වන විට කොටුවල සිටුවූ අල වැල්වල මෙන්ම ගස්‌වල ද කොළ රන් පැහැ වීමට පටන් ගනී. මෙවන් ලක්‌ෂණ පහළ වූ විට ආදියේ මෙන්ම අදත් බොහෝ පළාත්වල ගොවීහු තමන් සිටුවූ අල මේරී ඇති බව දැනගනියි

අස්‌වනු නෙළීමෙන් පසු ඔවුහු ඒ හා සම්බන්ධ පුද පූජා පවත්වා අවට ගැමියන් සමග අල බෝග හුවමාරු කර ගැනීමෙන් පසු ඉදිරි කන්න සඳහා බීජ වෙන් කර තබා ගනිති. ඉතිරිය ඉදිරියේ එන වැසි සමයේ ආහාරය සඳහා තබා ගනිති. මනා සුරක්‍ෂිතතාවකට අනුව මේ අල බෝග වසරේ මාස 6 කාලයක්‌ යන තුරු ම පරිභෝජනයට ගත හැකි විය.

අද වන විට විවිධ හේතු රැසක්‌ නිසා දේශීය අල බෝග භාවිතයෙන් මෙන්ම පරිසරයෙන් ද ඉවත් වී යැමේ ප්‍රවණතාවක්‌ තිබේ. මෙයට ප්‍රධාන හේතු කීපයක්‌ වෙයි. විවෘත ආර්ථිකය මෙරටට හඳුන්වා දීමෙන් පසු දේශීය ආහාරවලින් ඈත් වූ ලක්‌වැසියා ක්‍ෂණික බටහිර ආහාර පරිභෝජනයට යොමු වීම එකකි. අනෙක්‌ කරුණ වන්නේ ගොඩ මඩ ඉඩම් සහිත ප්‍රදේශ නාගරීකරණය වී ඉඩ ප්‍රමාණය කුඩා වීමයි. මේ ප්‍රධාන හේතු දෙකට අමතරව බලපෑ අනෙක්‌ කරුණ වන්නේ තිබෙන ඉඩකඩේ හෝ කවර හෝ බෝගයක්‌ වගා කිරීමට ගොවීන් මැළිකමක්‌ දැක්‌වීමයි.

එදා මෙන් අදත් දේශීය අල ප්‍රභේද වගා කිරීම වාසි රැසක්‌ ගෙන දීමට හේතු වෙයි. අල යනු ඕනෑ ම කුඩා හෝ බිම් කඩක වගා කළ හැකි බෝගයක්‌ වීම ජලය හා කෘෂි රසායනික ද්‍රව්‍ය භාවිත අත්‍යවශ්‍ය නො වීම, කාබනික පොහොර පමණක්‌ භාවිත කළ හැකි වීම, අවම ශ්‍රමයකින් වැඩි පලදාවක්‌ ලබාගත හැකි වීම සහ රෝග හා කෘමි උවදුරුවල බලපෑම් අවමයෙන් සිදු වීම යන වාසි මේ අතර වෙයි. ශ්‍රී ලංකාවේ අල වර්ග ප්‍රධාන කොටස්‌ දෙකකට බෙදෙයි ඒ වැල් අල හා ගස්‌ අල යනුවෙනි.

වැල් අල
බතල, කටු අල, දන්දිල අල, හිරිතල, නාට්‌ටල, උඩල අල, රාජ අල, කිරි කොඬොල්, කුකුලල, රතු= අල, හිඟුරල, අතු අල, ඇඟිලි අල, ඉනි අල, කහට අල, ගෝනාල වැනි අල වර්ග මීට අයත් වෙයි.

තෙත් කලාපයේ අඩි 3000ක්‌ පමණ දක්‌වා වූ උස්‌ ප්‍රදේශයක්‌ දක්‌වා වැවෙන වැල් අල වසරේ අප්‍රේල් සිට මැයි මස දක්‌වා වූ කාල සීමාවේ සිටුවා දෙසැම්බර් මස සිට ජනවාරි මස දක්‌වා වූ වියළි කාලය තුළ දී හාරාගත යුතු ය. පහතරටත් මැදරටත් ඉතා ම සාර්ථකව වගා කළ හැකි වැල් අල බොහෝ විට පොල් හා රබර් වගා කළ වතුවල අතුරු බෝගයක්‌ ලෙස වගා කළ හැකි ය. වසරේ ඕනෑ ම කාලසීමාවක දී දඬු කැබැලි ආධාරයෙන් බෝ කරගත හැකි අල ජලය බැස යන ඕනෑ ම බිමක වගා කළ හැකි ය. සමතලා බිම්වලත් කණ්‌ඩි හා කාණුවලත් වගා කළ හැකි අල කවර හෝ තැනක සිටුවුවත් ක්‍රම තුනකින් එකක්‌ අනුගමනය කළ යුතු ය.
1.
දඬු ඇලේට සිටුවීම.
2.
අංකුරය මැදට සිටින සේ දණ්‌ඩ දෙපස පසට යට කිරීම.
3.
දෙකෙළවර අංකුර උඩට සිටින සේ පසට යට කිරීම.

දඬු පැළ වීමේ දී අළු දැමීම සාර්ථක ක්‍රමවේදයක්‌ වෙයි. පැළ සිටුවීමෙන් පසු වැල හොඳින් වැඩෙන තුරු වල් නෙළීම අත්‍යවශ්‍ය වෙයි. සිටුවා මාස 3 1/2ත් - 5ත් අතර කාලයේ දී අල මේරීම සිදු වෙයි. අල මේරූ විට පත්‍ර කහ පැහැයට හැරේ. මෙය අස්‌වනු නෙළීමට සුදුසු කාලය පෙන්වන සලකුණකි. අලයක්‌ ගලවා දෙකට කඩා බලන්න. කිරි පිට වූ විගස ඝන වීමක්‌ සිදු වේ නම් අල මේරූ බවට ලක්‌ෂණයකි. අල ගලවා ගැනීමේ දී අලවලට තුවාල නො වන ලෙස ගලවා ගැනීමට වගබලා ගත යුතු වෙයි. තුවාල වූ අල කල් තබා ගැනීමට අපහසු ය.

ගස්‌ අල
ගස්‌ අල හබරල සහ ගහල යනුවෙන් ප්‍රධාන කොටස්‌ දෙකකට බෙදෙයි. මේ දෙවර්ගයට ම අයත් අල, කිරි අල, මවු අල, සෙවෙල් අල, ආටිචොක්‌ අල, රැල් බුරුල්ලා අල, කිඩාරන් අල, හුළංකීරියා අල, බුත්සරණ අල, තුන්මස්‌ අල, හබරල, වෙල් අල, කදල, මඤ්ඤොක්‌කා, කොහිල යනුවෙන් වර්ග කෙරේ.

ගස්‌ අල වගා කිරීම
ගස්‌ අල මුහුදු මට්‌ටමේ සිට අඩි 4000ක්‌ තරම් උස්‌ වූ බිම් පෙදෙසක්‌ තුළ වගා කළ හැකි ය. හොඳින් වර්ෂාව ලැබෙන ප්‍රදේශවල මෙන්ම සතුටුදායක පරිසර තත්ත්වයක්‌ ඇති පහතරට සහ මැදරට තෙත් කලාපයට අයත් ප්‍රදේශවල හොඳින් වගා කළ හැකි ය. වියළි කලාපයේ ද වගා කළ හැකි වීම මෙහි ඇකි විශේෂ ලක්‌ෂණයකි. පත්‍ර ආහාරයට ගන්නා වෙල් අල කොළ හා පණු අල කොළ ජලාශ්‍රිත ප්‍රදේශවල ද වගා කළ හැකි ය. තද මැටි පස අල වගාවට සුදුසු නැත.

භූමිය සැකසීම
සාමාන්‍යයෙන් අඟල් 9 1/2ත් 10ත් අතර ප්‍රමාණයක ගැඹුරට හාරාගත් වළක බීජ අල සිටුවිය හැකි ය. වළක විශාලත්වය අඩි 1 දූ 1 ප්‍රමාණයක්‌ සෑහේ.

අල ප්‍රභේදවලට අනුව වළවල පරතරය වෙනස්‌ වෙයි. තුන් මස්‌ අල අඩි 2ක පරතරයක්‌ ඇති ව ද ගහල, දෙහි අල වැනි අල වර්ග අඩි 3ක පරතරය ඇති ව ද, කිරි අල අඩි 4ක පරතරයක්‌ ඇති ව ද වළවල් සැකසිය යුතු ය.

සකස්‌ කළ වළවලට හෝ කාණුවලට හෝ කණ්‌ඩිවලට කාබනික පොහොර අවශ්‍ය පමණ යෙදිය යුතු ය. මෙහි දි වල් පැළෑටි මර්දනය ඉතා ම වැදගත් ය. පැළ සිටුවා මාස 1 1/2 පමණ කල් ගත වූ පසු වල් මර්දනය කිරීම ආරම්භ කළ යුතු වෙයි. වල් පැළෑටි උගුල්ලා දමන අවස්‌ථාවේ දී ම පැළය මුලට පස්‌ දැමීම කළ යුතු ය. මෙහි දී විශේෂ අවධානයක්‌ යොමු කළ යුත්තේ වැඩෙන අල හිරු එළියට නිරාවරණය නො වන ලෙස පස්‌වලින් වසා තැබීමට ය.

අල කල් තබා ගැනීම
අස්‌වැන්නක්‌ ආකාරයට නෙළාගත් අල කල් තබා ගැනීම අත්‍යවශ්‍ය වෙයි දේශීය වශයෙන් අල කල් තබාගැනීමේ දී ගොවීහු ක්‍රම කීපයක්‌ අනුගමනය කළ හ. පැරැණි ගොවීන් මේ සඳහා අල බිස්‌ස හා අල අටුව භාවිත කළ හ. අල පස්‌ යට දැමීම ද සිදු කළ හ.

අල බිස්‌සේ හෝ අල අටුවේ හෝ අල ගබඩා කර තැබීමේ දී කරුණු දෙකක්‌ පිළිබඳව අවධානයක්‌ යොමු කෙරිණි.

පසෙන් ඉවතට ගත් අල වියළි ස්‌වභාවයෙන් ආරක්‌ෂා කිරීම එකකි.

අල හෑරීමෙන් පසු එහි ගෑවී ඇති පස්‌ ඉවත් කර පිරිසිදු කර ගැනීම අනෙකයි.

මෙහි දී අලවල පස්‌ තැවරී තිබුණ හොත් අලවලින් අංකුර මතු වීම නිසා ආහාරයට ගැනීමට නොහැකි වෙයි. අල මතුපිට

රැඳි පස්‌ ඉවත් කරන විට අලයේ පිටත සිවියට හානි නො වන ලෙස එය සිදු කිරීමට වගබලාගත යුතු ය.

පස්‌ යට තැබීම
තෙතමනය නැති නො තෙමෙන තැනක වාතය නො ලැබෙන සේ වියළි වැල්වලින් අල යට කර තැබීමෙන් අතීත ගොවියෝ අල කල් තබා ගත් හ. මේ ක්‍රමවේදයෙන් මාස 3ත් 6ත් අතර කාලයක්‌ අල කල් තබා ගැනීමට හැකි විය.

අල බීජ මැටි ගැසීම
බීජ සඳහා තෝරාගත් අල සිටුවන කාලය එන තෙක්‌ කල් තබා ගත යුතු ය. මෙහි දී බීජ සඳහා තෝරා ගත් අල බීජ මඩුවක කොනක තබා අල හොඳින් වැසෙන සේ මැටි ගසා වසා තැබීමෙන් අල සිටුවන කාලය තෙක්‌ නරක්‌ නො වී තබාගත හැකි විය.

බීජ අල දහයියා මිශ්‍ර කර තැබීම
ඊළඟ කන්නය සඳහා වෙන් කළ බීජ කල් තබා ගැනීමේ දී අනුගමනය කළ තවත් ක්‍රමවේදයක්‌ නම් අල බීජ ගොම හෝ මැටි පොළොව මතට දහයියා දමා ඇඟිලි ආකාරයට තැන්පත් කිරීම ය.

ශ්‍රී ලංකාවෙන් මේ වන විට අල විශේෂ 60ක්‌ පමණ වාර්තා වන අතර ඉන් විශේෂ 23ක්‌ ගැන පමණ විද්‍යාත්මක අධ්‍යයන කර තිබෙන බව පෙනී යයි.


කිරි අල




















පඳුරු වශයෙන් වැවෙන කිරි අල කුණු රොඩු සහිත පසේ සරුවට වැවේ. වර්ෂාව, තෙතමනය, උෂ්ණත්වය හිරු එළිය වැනි සාධක එතරම් බලපාන්නේ නැත. මවු ශාකය මඟින් කුඩා පැළ ලබා දෙයි.

පෝෂ්‍ය ගුණය - කිරි අල ගසේ අල පමණක්‌ නො ව කොළ හා පිති ද ආහාරයට ගනී. කොළ මැල්ලුමක්‌ ලෙසට ද සකස්‌ කෙරෙයි. බොහෝ දෙනා නො දන්නා බැවින් ආහාරයට නො ගැනෙයි. ඉතා ම පෝෂ්‍යදායි ආහාරයක්‌ මෙන්ම දියවැඩියාව රෝගීන්ට ද ගුණදායක ය.




උඩල

ව්‍යාප්තිය - බටහිර අප්‍රිකාව, ඉන්දියාව සහ ශ්‍රී ලංකාව. ශ්‍රී ලංකාවේ බොහෝ ප්‍රදේශවල පහසුවෙන් වගා කළ හැකි ය.

රූපාකාරය - පත්‍ර විශාල ය. රවුම් ය. අල වැලේ මුල රවුම් විශාල අල හටගනී. අල වැල මුදුනේ කුඩා රවුම් අල හටගනී. මෙහි වල් දර්ශ ද ඇත. වල් දර්ශයේ පත්‍රවලත් අලවලත් සුදු පුල්ලි ඇත. ගැමියෝ මේ වල් දර්ශය පණු කොඩොල් යනුවෙන් හඳුන්වති. මේවා ආහාර පිණිස නො ගත්ත ද ඖෂධ පිණිස ගනී.

පෝෂ්‍ය ගුණය - අර්තාපල්වලට බෙහෙවින් සමාන ය. පිෂ්ටය අධික ය.

බතල


ව්‍යාප්තිය - දකුණු ඇමෙරිකාව, ආසියානු හා අප්‍රිකානු මහද්වීපික රටවල දක්‌නට ලැබෙන අතර ශ්‍රී ලංකාවේ සෑම පළාතක ම වැවෙන ජනප්‍රිය බෝගයකි.

දේශීය වශයෙන් ගත් කල බතල ප්‍රභේද කිහිපයක්‌ ඇත. මේවා රතු බතල, කහ බතල, සුදු බතල, සහ ඇඟිලි බතල යනුවෙන් හැඳින්වෙයි. හිරමන බතල යනුවෙන් හැඳින්වෙන ප්‍රභේදයක්‌ ද වෙයි. දඬු කැබැලිවලින් බෝ කරගත හැකි ය. වසරේ ඕනෑ ම කාලයක වගා කළ හැකි ය. දෛනික ආහාරයක්‌ ලෙස ගෙවත්තේ සාර්ථක ආර්ථික බෝගයක්‌ ලෙස මධ්‍ය හා මහා පරිමාණයෙන් ද වගා කළ හැකි ය. බතල ආශ්‍රිතව විවිධ ආහාර නිෂ්පාදන කරන බැවින් වෙළෙඳ පොළේ හොඳ ඉල්ලුමක්‌ ඇත.

පෝෂ්‍ය ගුණය - කාබෝහයිඩේ්‍රට්‌ බහුලව අඩංගු වන අතර සරල සීනි, තන්තු ද බහුලව අඩංගු ය. මේ හැරුණු කොට බීටා කැරොටින් හෙවත් විටමින් A විටමින් C සහ විටමින් බී6 අඩංගු ය. ප්‍රොaටීන, යකඩ සහ කැල්සියම් අඩංගු බැවින් පෝෂ්‍ය ගුණයෙන් ඉහළ ආහාරයක්‌ ලෙස පිළිගැනෙයි.


තුන් මස් අල










වැලි සහිත වියළි පසේ වගා කළ හැකි ය. පත්‍ර තරමක වටකුරු හැඩයක්‌ ගනී. අල හා පිත්ත කළු පැහැයට හුරු දම් පැහැයක්‌ ගනී. අල මෙන් පිත්ත ද රසවත් ව්‍යංජනයකි.

සිටුවා මාස තුනක්‌ පමණ ගත වන විට අස්‌වැන්න ලබාගත හැකි ය. මේ කාලය ළඟා වන විට මවු ශාකයේ කොළ කහ පාට වී වියළී යයි මවු ශාකය වටා ළපටි පැළ හෙවත් මොරෙයියන් හටගනී වෙළෙඳපොළේ හොඳ ඉල්ලුමක්‌ ඇති බැවින් ආර්ථික බෝගයක්‌ ලෙසටත් දෛනික ආහාරයට අවශ්‍ය බෝගයක්‌ ලෙසටත් වගා කළ හැකි ය. පිෂ්ටය අධික බැවින් ශරීර ශක්‌තිය වර්ධනය කරන ගුණයක්‌ ද ඇත. උදෑසන ආහරයට තම්බා කෑමට ද ගත හැකි ය.

කිඩාරන් අල




ඝර්ම කලාපීය ආසියාතික රටවලත් ශ්‍රී ලංකාවේත් දක්‌නට ලැබේ. මෙහි වර්ග 3ක්‌ ඇති බැව් හඳුනාගෙන ඇත. ළා කොළ පාට කඳ සහ සුදු පුල්ලි ඇති වර්ග දෙක ආහාරයට ගනී. මෙහි ගොබය හා අලය (තම්බා) වෑංජනයක්‌ ලෙස ආහාරයට ගත හැකි ය.

තද කොළ පැහැති කඳ සහ පත්‍ර සහිත වර්ගය බෙහෙත් කිඩාරන් යනුවෙන් හඳුන්වයි. දේශීය වෙදකමේ දී ගෙඩි, වණ සුව කිරීම සඳහා යොදා ගනී. ආහාරයට නො ගනී.

ආහාරයට ගන්නා කිඩාරන් ආහාර ජීර්ණය හොඳින් සිදු කර ආහාර රුචිය ඇති කරයි. ආමාශගත රෝගවලටත් අර්ශස්‌ සහ අජීර්ණ රෝගවලටත් ගුණදායක ය. වල් කිඩාරන් යනුවෙන් හඳුන්වන ප්‍රභේදයක්‌ ද වෙයි. මේවා පොළොං කිඩාරන් යනුවෙන් ගැමියෝ හඳුන්වති. මෙහි කඳ රතු පැහැති ය. පොළඟකු ගේ මෙන් පුල්ලි දක්‌නට ලැබේ. ඖෂධ සඳහා භාවිත කළ ද ආහාර පිණිස නො ගනී.

ගහල

මෙහි ප්‍රභේද කීපයක්‌ ඇත. හබරල හා ගහල යනුවෙන් ප්‍රධාන වර්ග දෙකකට බෙදෙයි. මේ ප්‍රභේද දෙක ම අයත් තුන්මස්‌ අල, ගහල, දෙහි අල සහ දේසාල යන ප්‍රභේද වගා කිරීමට සුදුසු ප්‍රභේද ලෙස හැඳින්වෙයි කිරි අල, කඳල මාස 3ත් 4ත් අතර කාලයේ දී අස්‌වැන්න ලබා දෙන ප්‍රභේද ලෙස හැඳින්වෙයි. සෙවෙල් අල නම් ප්‍රභේදයක්‌ ද ඇත. මේවා වැලි සහිත පසේ වගා කිරීමට සුදුසු ය. සාමාන්‍ය අල වගා කරන ක්‍රමයට වගා කෙරේ. මාස 6කින් අල මෝරන බැවින් අස්‌වැන්න ලබාගත හැකි ය. අල මෝරන කාලයේ දී කොළ මැරී යයි. මොරෙයියන් නැවත ඇති වෙයි.

පෝෂ්‍ය ගුණය - මාන්දම රෝගයට බෙහෙවින් ගුණදායක සෙවෙල් අලවල අඩංගු සෙවල ස්‌වභාවය ආමාශගත රෝගවලට මෙන්ම ශරීරයේ උෂ්ණ ගතිය මඟහැරවීම ද සිදු කරන බැවින් ඕනෑ ම වයස්‌ කාණ්‌ඩයක අයකුට ආහාරයට ගැනීමට සුදුසු ය.
 

රාජ අල







ව්‍යාප්තිය - ඉන්දියාව, මැලේසියාව, පිලිපීනය, ජපානය සහ ශ්‍රී ලංකාව වැනි රටවල ව්‍යාප්ත ව ඇත.

ශ්‍රී ලංකාවේ බොහෝ ප්‍රදේශවල වගා කළ හැකි රාජ අල ප්‍රභේද දෙකක්‌ ඇත. මෙම ප්‍රභේද දෙකට පිට පොත්ත ළා දම් පැහැති වර්ගය සහ තද දම් පැහැති වර්ගය අයත් වෙයි. විශාල තනි අලයකින් යුක්‌ත ය.

පෝෂ්‍ය ගුණය - තම්බා ගත් විට පිෂ්ටය අධික ආහාරයක්‌ බැවින් ප්‍රධාන ආහාරයක්‌ ලෙස ගත හැකි ය. විවිධ ආහාර නිපදවීමට රාජ අල යොදා ගන්නා බැවින් ආර්ථික බෝගයක්‌ ලෙස ද වගා කළ හැකි ය.

බුත්සරණ



කැරිබියානු දූපත් හා ඝර්ම කලාපීය ඇමෙරිකානු රටවල දක්‌නට ලැබෙන බුත්සරණ ශ්‍රී ලංකාවේ ද දක්‌නට ලැබේ. බුත්සරණ වර්ග දෙකකි. ඒවා රතු බුත්සරණ හා සුදු බුත්සරණ යනුවෙන් හැඳින්වෙයි.

අල සිටුවීමෙන් හා මවු ශාකයෙන් හට ගන්නා අංකුරවලින් පැළ බෝ කර ගැනීමට පුළුවන පඳුරු සහිත බැවින් තරමක දුරින් සිටුවිය යුතු ය. අල එකට බැඳුණු බවක්‌ පෙන්වයි. මවු අල තරමක්‌ විශාල ය. වයිරම් සහිත ය. සිටුවා අවුරුද්දක්‌ පමණ ගත වූ පසු අල හටගනී. අල මෝරන විට ගස මැරී යයි.

රතු බුත්සරණ නම් වූ විශේෂය සෙංගමාල රොගීන්ට ගුණදායක ය. රසවත් පිටි සහිත ආහාරයකි. වෙළෙඳපොළේ ඉල්ලුමක්‌ නොමැති වුවත් ගෙවත්තේ වගා කර දෛනික ආහාරයට ගැනීමට සුදුසු ය.  


උපුටා ගැනීමකි